
Evaluations for self-taught students.
ස්වයං අධ්‍යාපනය ලබන සිසුන් සදහා වන ඇගයීම්.
ඔබ දැනටමත් පරිගණක පිළිබදව තනිවම අධ්‍යපනය ලබා ඇති හෝ අධ්‍යාපනය ලැබීමට කැමති අයෙකු නම් ඒ සදහා නිසි ඇගයීමකට ලක් කිරීම මෙම වැඩසහනේ මූලික අරමුණයි. ඔබට ඒ සදහා විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය නම් ඒ සදහාද නිසි මග පෙන්වීමක් අපගේ නිල Youtube නාලිකාව හරහා නොමිලේම ලබාදීමට අප කටයුතු යොදා ඇත. මේ සදහා විභාග පැවැත්වීමේ සහ සහතික පත් නිකුත් කිරීම etest.lk ආයතනය හරහා සිදුවන අතර විභාග සකස් කිරීම, ඇගයීම සහ මග පෙන්වීම බෙන්ච්මාර්ක් අධ්‍යාපන ආයතනය මගින් ඉටු කරයි.
වැඩසටහන සදහා ඉදිරිපත් වන්නේ කෙසේද?
- ඔබට කැමති පාඨමාලාවක් තෝරා ගන්න.
- අපගේ Youtube නාලිකාවට පිවිස එහි ඇති පාඨමාලාවන්ට අදාල වීඩියෝ නරඹා දැනුම සහ පාඨමාලාවේ වපසරිය පිලිබද අවබෝධයක් ලබා ගන්න.
- පහත අයැදුම් පත නිවැරදිව පුරවා නොමිලේ ලියාපදිංචි වන්න.
- ලියාපදිංචි වී දින 5 ක් ඇතුලත අප ඔබගේ විස්තර දුරකතනය ඔස්සේ තහවුරු කිරීමෙන් අනතුරුව ඔබ අදාල විභාගය සදහා යොමු කරනු ඇත.
- විභාගය සදහා ඉදිරිපත් කළ දිනයේ සිට දින 7 ක කාලයක් තුල ඔබ විභාගය සමත් විය යුතුය. ඒ සදහා ඔබට ඕනෑම වාර ගණනක් උත්සාහ කළ හැකිය.
- විභාගය සමත් වීමට 80% ලකුණු සීමාව ඉක්මවා යා යුතුය.
- විභාගය සමත් වූ පසු පමණක් අදාල විභාග ගාස්තුව ගෙවිය යුතුය.
- ගාස්තුව ගෙවීමෙන් අනතුරුව දින 7 ක් තුල
- ඔබගේ ප්‍රතිඵලයේ විද්‍යුත් තහවුරුවක් අඩංගු සහතිකයක් (shareable certificate) අන්තර්ජාලයට නිකුත් කරයි.
- ඔබගේ සහතිකයේ මුද්‍රණය කළ හැකි විද්‍යුත් පිටපතක් ඔබේ email ගිනුමට ලබාදේ.
- අපගේ ආයතනයට පැමිණ ඔබගේ මුද්‍රිත සහතිකය ලබා ගත හැකිය.
- රුපියල් 300 ක අමතර ගාස්තුවක් ගෙවා සහතිකපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකිය.
- දිනෙන් දින අලුත් වන පාඨමාලා සහ අවස්ථා ගැන දැන ගැනීමට අපගේ Benchmark Education Institute Youtube චැනලය Subscribe කරන්න.
සහතිකපත්‍රයේ තහවුරුව
ඔබට ලැබෙන ඕනෑම සහතිකයක වලංගුතාවය පරික්ෂා කිරීමට ඇති ක්‍රමය එම සහතිකය පිලිගැනීමට ඇති හොදම සාධකයයි. තාක්ෂණය දියුනු අද මුද්‍රිත සහතිකපත්‍රය පිලිබද ඇත්තේ එතරම් හොද විශ්වාසයක් නොවේ. එබැවින් ඔබේ සහතිකය අන්තර්ජාලය ඔස්සේ තහවුරු කිරිම මේ වන විට ජාත්‍යාන්තර සම්මතය වී තිබේ. ඔබට ලැබෙන සහතිකයේ ඇති සුවිශේෂිත්වය වන්නේ එය ඕනෑම මොහොතක ලොව ඕනෑම ආයතනයකදී අන්තර්ජාලය ඔස්සේ තහවුරු කිරීමට ඇති හැකියාවයි. එනම් ඔබට ලැබෙන්නේ Shareable Certificate එකකි. එහි ඔබේ ඡායාරූපයක්ද සමග ඔබ හැදෑරූ පාඨමාලාව පිලිබද සියලුම විස්තරයක් සැනින් ලබා ගැනීමට හැකියාව තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම online විභාග ජාලය වන etest.lk පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ. මීට අමතරව ඔබට ලැබෙන සහතිකය සමග එයට අදාල අන්තර්ජාල link එකක් ඔබට හිමිවේ. එය ඔබේ ජීව දත්ත පත්‍රකාවේද (Bio Data) සදහන් කිරීමටද හැකිවේ. එහි උදාහරණයක් පහත දැක්වේ.
වැඩසටහන් සහ එයට අදාල විභාග ගාස්තු
Computer Operator
Etest Certificate-
Introduction to Computer
-
Windows 10 Operation System
Microsoft Word Essentials
Etest Certificate-
Microsoft Word
Computer Operator with Microsoft Word Essentials
Etest Certificate-
Introduction to Computer
-
Windows 10 Operating System
-
Microsoft Word