
කොවිඩ් 19 බලපෑමට ලක්වූ විශ්ව විද්‍යාල සිසුන් සදහා වන සහනදායී අධ්‍යාපනික පාඨමාලා වැඩසටහන (II අදියර)
මේ වන විට රටෙහි පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හමුවේ විශ්ව විද්‍යාලයීය සිසුන් සදහා තම වෘත්තීය හැකියාවන් වර්ධනය කර ගැනීමට අදාලව නිවසේ සිට හැදෑරිය හැකි පාඨමාලා කිහිපයක් පුද්ගලික ආයතන සහ වෘත්තිකයන්ගේ මූල්‍යමය සහ සම්පත් දායකත්වයෙන් ඉතාම සහනදායී ගාස්තු යටතේ හැදෑරීමට අප විසින් අවස්ථාව සලසාදී ඇත. ඒ අනුව එහි දෙවන අදියර සදහා දැන් සිසුන් බදවා ගැනේ.
සුදුසුකම්
- 2016 වර්ෂයේ හෝ ඊට පසු වර්ෂයක් ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයක ලියාපදිංචි වී අධ්‍යයන කටයුතු අරම්භ කර තිබිය යුතුය.
- එකී විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු විය යුතුය. (බාහිර උපාධි අපේක්ෂයන් හට අවස්ථාව ලබාදිය නොහැකි බව කරුණාවෙන් සලකන්න)
- 2016 වර්ෂයේ හෝ ඊට පසු වසරක ලියාපදිංචිවී දැනට උපාධිය සම්පූර්ණ කර ඇති රැකියා විරහිත උපාධිධාරීන්ටද මේ සදහා ඉල්ලුම් කළ හැකිය.
පාඨමාලාව සහ ගාස්තු විස්තර
- පාඨමාලාවේ නම : Diploma in Microsoft Office (පාඨමාලාවේ සම්පූර්ණ විස්තර සදහා Click කරන්න)
- වටිනාකම : 16,800.00
- ශිෂ්‍යත්වලාභියා ගෙවිය යුතු මුදල : 6,720.00
- මාසික වාරිකය : 1,680 x 4
- පාඨමාලා කාලය : මාස 04
- පාඨමලාවේ මුලු වටිනාකමින් 60% ක් දක්වා ඔබ ශිෂ්‍යත්වයක් හිමිවේ.
- එවිට ඔබ ගෙවිය යුත්තේ පාඨමාලාවේ මුලු වටිනාකමින් 40%ක ගාස්තුවක් පමණි.
- ලියාපදිංචි ගාස්තු, විභාග ගාස්තු, සහතිකපත් ගාස්තු සහ සහතිකපතේ තැපැල් ගාස්තු ඇතුලු පාඨමාලාවට අදාල සියලුම ගාස්තු එයට ඇතුලත්වේ.
- එය මාසික වාර්ක 4 කින් ගෙවීමේ අවස්ථාව ලබා ගත හැකිය. (1,680 x 4)
- සියලුම ගාස්තු ලංකා බැංකුව මාතර ශාඛාවේ Benchmark Institute යන ගිනුමට පමණක් ගෙවිය යුතුය.
- ගාස්තු විස්තර සදහා 0740651426 (නිපුනි) යන දුරකතන අංකයෙන් පමණක් විමසීම් සිදු කරන්න.
පාඨමාලා පැවැත්වීම සහ පාඨමාලා කාලය
- සතියකට එක් දිනකදී විනාඩි 120 (පැය 2) කට නොඅඩු Zoom දේශනය බැගින් වූ දේශන දින 18 ක් අන්තර්ගතව ඇත.
- සීමිත පාඩම් ප්‍රමාණයක් Youtube මගින්ද හැදෑරීමට අවස්ථාව සලසා ඇත.
- සියලුම ZOOM දේශන පුද්ලික YouTube ලින්ක් එකක් හරහා මාසයක කාලයක් නැවත අධ්‍යයනය සදහා ලබාදෙනු ඇත.
- වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම සදහා එක් කණ්ඩායමකට සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ. (ලියාපදිංචි වන අනුපිලිවෙල අනුව තෝරා ගැනීම සිදු කරයි)
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පිලිබද වැඩි විස්තර සදහා 0765616316 අංකයෙන් සුනෙත් අමතන්න.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන II අදියර සදහා නොමිලේ ලියාපදිංචිවීම සදහා අයැදුම් කිරීමට මෙම අයැදුම්පත පුරවන්න.
අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2021 අගෝස්තු මස 22